ආණ්ඩුව විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජනමාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද (03) සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

නඩු අංක SC/ SD/ 66/ 2023 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට එරෙහිව යොමු කර ඇති පළමු පෙත්සම වේ

ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න පෙත්සම්කරු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, අද සිට අධිකරණය ඉදිරියේ මෙම පනත අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමේ හැකියාව සියලු පුරවැසියන්ට හිමිවේ.

ජනතාවගේ ප්‍රකාශනයේ අයිතියට දැඩි ලෙස හානිකර බව පැවසෙන මෙම පනත් කෙටුම්පතට එරෙහිව තවත් පාර්ශව ගණනාවක් ඉදිරි දින කිහිපයේදී මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.