මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීමට සමගි ජන බලවේගය සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව කටයුතු කර තිබේ.

සජබයේ සහ විපක්ෂ එකමුතුවේ විධායක කමිටුව විසින් එම තීරණය කර ඇත.

අදාළ පනතෙහි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පත්කිරීම එහි සාමාජිකයින් පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලතල තුළ තවදුරටත් විධායකය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට පෙළඹීම අදාළ කොමිසමට අධිකරණයෙන් බැහැරව විමර්ශනය කිරීම දඬුවම් කිරීමට ඇති බලතල ආදි ජනතාව සතු මුලික අයිතීන් මේ තුළ උල්ලංඝනය වන බැවින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සහ ජනමත විචාරණයකට යටත්ව සම්මත විය යුතු බව පෙත්සමෙන් පෙන්වා දී ඇත.

අදාළ පෙත්සම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, විපක්ෂ විධායක කමිටුවේ සාමාජික මහාචාර්ය ජී.එල්. පීරිස් යන මන්ත්‍රීවරුන් සමග වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.