ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ඒ අනුව පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවට තීන්දු කර තිබේ.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන ලද කරුණුවලට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.