මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (03) ඉදිරිපත් කෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන අයෙකුට සාධාරණය ඉටුකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුත්ත නිර්මාණය කිරීම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත මඟින් සිදුවන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කර ඇත.