පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (22) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගාවලියේ තරග 03ම දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර, තරගාවලිය මෙරට ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.