මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. 

ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ය.

දිවයින පුරා 2400කට ආසන්න නිලධාරින් පිරිසක් එම වැඩපිළිවෙළට එක්ව සිටින බව

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය

පවසා ඇත.

අපේක්ෂා රෝහල, ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද එස්.බෝපිටිය මහතා සඳහන් කර තිබේ.