විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම, බලහත්කාර ජන සමූහය පාලන ක්‍රියාමාර්ග මෙන්ම විරෝධතා සීමා කිරීමට සහ සිවිල් අවකාශය පාලනයට කුරිරු නීති භාවිත කිරීම ගැන සිය අවදානය යොමුව ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නඩා අල් නෂීෆ් පවසයි

මානව හිමිකම් කවුන්සිලයේ 53 වන සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික ප්‍රකාශයක් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති සම්පාදනයට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ඇය ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාළනය සඳහා ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බවද ඇය සඳහන් කරන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සාකච්ඡා පිළිබඳව සතුට පළ කරන බවත් පුරාවිද්‍යා වන වගා හෝ ආරක්ෂක අරමුණු වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ගෙන ඇති තීරණය ගැන ප්‍රසංශා පළ කරන බවත් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ