ඉන්ධන නිකුත් කිරීම සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී තිබූ ඉන්ධන කෝටාව හෙවත් QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.

විදේශ මුදල් හිඟය හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් පරිභෝජනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙම ඉන්ධන කෝටා ක්‍රමය හඳුන්වාදෙන ලදී.