Reggae සංගීතයේ රජු ලෙස කිරුළු පලන්, හිටපු ජැමෙයිකානු ගායක Bob Marleyගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද Bob Marley: One Love චිත්‍රපටයේ මංගල දර්ශනය ජැමෙයිකාවේ අග්‍රමාත්‍ය Andrew Holness ගේ සහභාගීත්වයෙන් Kingston හි දී පැවැත්වුණා.

 

මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස සසෙක්ස් හි ආදිපාද Harry කුමරු සහ ඔහුගේ බිරිඳ වන Meghan Markle ද සහභාගි වී සිටිනු දක්නට ලැබුණා.

 

බ්‍රිතාන්‍ය ජාතික නළු Kingsley Ben-Adir විසින් ‘One Love’ හි Bob Marleyගේ චරිතය නිරූපණය කරන අතර, ඔහුගේ බිරිඳ වන ජැමෙයිකානු ගායිකා Rita Marley ගේ චරිතය Lashana Lynch විසින් නිරූපණය කරනවා. හොලිවුඩ් අධ්‍යක්ෂක Reinaldo Marcus Greenගේ අධ්‍යක්ෂණයක් වන Bob Marley: One Love චිත්‍රපටය Paramount Pictures බෙදාහැරීමක් ලෙස 2024 පෙබරවාරි 14 දින සිට ලොව පුරා සිනමාහල් වලදී තිරගත කිරීමට නියමිත ව තිබෙනවා.