ලොව විශ්වසනීයම චිත්‍රපට හා ටෙලි නිර්මාණ විචාරක සහ අගයකිරීමේ වෙබ් අඩවිය වන “Rotten Tomatoes” චිත්‍රපට සඳහා ඉහළ අගයන් සහ ධනාත්මක ප්‍රතිචාර ලබාදීම සඳහා මුදල් ලබාගන්නා බව, Vulture  නම් ඇමරිකානු පුවත් වෙබ් අඩවියක් විසින් හෙළි කර තිබෙනවා.

Rotten Tomatoes වෙබ් අඩවියෙහි චිත්‍රපට විචාරකයන්, චිත්‍රපට ප්‍රචාරණ සමාගම් වලින් මුදල් ලබාගෙන චිත්‍රපට සඳහා ඉහළ අගයන් ලබා දීමටත්,  ධනාත්මක ප්‍රතිචාර ලබාදි ඒවායේ “Tomatometer” අගය ඉහල දැමීමට කටයුතු කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

එහි එක් ධනාත්මක ප්‍රතිචාරයක් සඳහා ඩොලර් 50ක මුදලක් ලබාදෙන බවට  චෝදනා කරන Vulture වෙබ් අඩවිය අනාවරණය කර ඇත්තේ, 2018 වසරේදී නිකුත් වූ Ophelia චිත්‍රපටය පළමුව Rottenඔ Tomatoes දර්ශකයේ 48% ක අගයක් වාර්තා කර තිබුණද, එය 62% කට ඉහල දැමීම සදහා එම චිත්‍රපටයේ ප්‍රචාරණ සමාගම වන Bunker 15 විසින් මුදල් ගෙවා ඇති බවයි.

නමුත්, Bunker 15 සමාගමේ නිර්මාතෘ වන Daniel Harlow විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, Rotten tomatoes වෙබ් අඩවියද මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.