ඉන්දියාවේ Zee Tamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ කිල්මිශා උදයශීලන් දැරිය ඊයේ (28) යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා.

ඇය පිළිගැනීම සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විශාල ජනකායක් පැමිණ තිබුණත් ඔවුන් සියලු දෙනාට ගුවන්තොටුපොළට යාමට අවසර ලැබී තිබුණේ නැහැ.

කිල්මිශා විශාල රථ පෙලපාලියකින් යාපනය නගරය වෙත කැඳවාගෙන යාමට යාපන ජනතාව කටයුතු කළ අතර මෙම අවස්ථාවට විශාල ජනකායක් සහභාගී වුණා.