එක්සත් ජනපදයේ RM Parks Inc සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා ඇත.

මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කරන අතර RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.

මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවත් මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙන බවත් ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.