“Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතය.

“Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වු අතර අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය අවසර ලබාදී ඇති බව සඳහන් වේ.

මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

මෙම පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වේ.