චීනයේ සිනොපැක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) කොට්ටාව මත්තේගොඩ දී ආරම්භ කර ඇත.

ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය මෙම ඉන්ධන පිරවුම්හල ඊයේ සිට සිනොපැක් සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා දී ඇත.

ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් 150ක් මෙලෙස සිනොපැක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිතය.

එමෙන්ම මෙම සමාගම විසින් අලුතින් ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ