2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතාව නම් කල බවට නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නැතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් ධම්මික පෙරේරා මහතාව පොදු ජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරිමට සුදානම් බවට මාධ්‍ය වාර්තා පල කර තිබිණි.

පසුගියදා පැවති පොදු ජන පෙරමුණ පක්ෂයේ දෙවැනි මහ සම්මේලනයට ද ධම්මික පෙරේරා මහතා සහභාගී වී සිටියේය.