ලොව පුරා ජනප්‍රිය Spice Girls ගායිකා කණ්ඩායම ආරම්භ කර වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මුද්දර ‍පෙළක් එළි දැක්වීමට මහා බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවය කටයුතු කර තිබෙනවා.

1994 දී ආරම්භ කරන ලද Spice Girls කණ්ඩායමේ විශේෂ සංදර්ශන අවස්ථා නිරූපණය වන මුද්දර 10ක් සහ කණ්ඩායමේ සාමාජිකයින්ගේ තනි රුව ඇතුළත් මුද්දර 5ක් වශයෙන් මුද්දර 15ක එකතුවක් මෙලෙස එලි දක්වා ඇති අතර, ගායිකා කණ්ඩායමක් වෙනුවෙන් මෙවැනි කටයුත්තක් සිදු කෙරුණු පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වනවා.

මුදදර එකතුවේ මුද්දර කිහිපයක්…