ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවන බව ශ්‍රී ලංකාවේ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසා ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික සමාගම්වලට ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවත්, එම ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු එක් විශේෂිත සමාගමක් තෝරා ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.