ඊයේ (26) පස්වරුවේ 2024 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලානය ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා
ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙයි.
එහි A කාණ්ඩයෙන් වත්මන් ශූරයන් වන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව තරග වදින අතර B කාණ්ඩයෙන් වත්මන් අනුශූරයන්වන දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ස්කොට්ලන්තය ඇතුළත්ව තිබෙනවා
ඔක්තෝබර් මස 03 වෙනිදා තරගාවලිය ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය පාකිස්තානය සමඟින් එදින පැවැත්වේ.
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙම තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූ කණ්ඩායම් දෙක වන අතර, ඔවුන් මෙම වසර ආරම්භයේදී අබුඩාබිහිදී පැවති මෙම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගනිමින් එම අවස්ථාව උදාකරගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.