2016 වසරේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් පූර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගී ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 1990 සුව සැරිය පදනම” ආරම්භ කර ඇත.

ගිලන් රථ 297ක් යොදාගෙන ආරම්භ කළ මෙම සුව සැරිය පදනමට ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322ක් මේ සඳහා යොදවා තිබෙනවා

සුව සැරිය පදනමේ ඉලක්කය අනුව, කඩිනමින් සේවය ලබා දීම සඳහා ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනාගෙන තිබෙනවා

ඒ අනුව, ඉන්දියාවේ TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් ආසියානු සංවර්ධන බැංකුව විසින් ගිලන් රථ 45ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් එකඟතාව පළ කර තිබෙනවා

ඒ අනුව, එකී ගිලන් රථ “1990 සුව සැරිය පදනම” වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා