සුපිරි කොලිවුඩ් නළු Thalapathy Vijay අද (02) පූර්ණ කාලීන දේශපාන කටයුතු සඳහා පිවිසීම සඳහා සිනමාවෙන් සමුගන්නා බව නිවේදනය කළා. මෙහිදී ඔහු විසින් නව දේශපාලන පත්ෂයක් හඳුන්වා දෙන ලද අතර එය නම් කර ඇත්තේ Tamilaga Vettri Kazhagam (Tamil Nadu’s Victory Party) ලෙසයි.

 

මේ දින වල ශ්‍රී ලංකාවේ රූගත කිරිම් සිදු කරන ඔහුගේ 68 වැනි චිත්‍රපටය වන ‘GOAT’ සහ මෙතෙක් නම් කර නොමැති 69වන චිත්‍රපටයේ රංගනයෙන් අනතුරුව සිනමාවට සමු දීමට අදහස් කර ඇති Thalapathy Vijay විසින් නිකුත් කර ඇති නිවේදනයේ ඔහු විසින් සඳහන් කර ඇත්තේ, තමිල්නාඩු ජනතාවට සහ දෙමළ ප්‍රජාවට හැකි පමණින් උපකාර කිරීම ඔහුගේ දිගුකාලීන අභිප්‍රාය සහ ආශාව බවයි.