වීඩියෝ ක්‍රීඩා සඳහා සම්මාන පිරිනැමෙන The Games Awards 2023 සම්මාන උළෙල පසුගියදා Los Angles නුවර Peacock රංගශාලාවේ දී පවත්වන ලදී.

මෙහිදී 2023 වසරේ නිකුත් වූ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ විවිධ අංශයන් සඳහා සම්මාන පිරිනැමුණු අතර, වසරේ වීඩියෝ ක්‍රීඩාවට හිමි සම්මානය (GAME OF THE YEAR) දිනා ගනු ලැබුවේ Larion Studios විසින් නිර්මාණය කරන ලද BALDUR’S GATE 3 ක්‍රීඩාවයි. හොඳම පවුලේ වීඩියෝ ක්‍රිඩාවට හිමි සම්මානය (Best Family Game) Super Mario Bros. Wonder විසින් දිනා ගනු ලැබූ අතර, හොඳම ජංගම දුරකථන ක්‍රීඩාවට හිමි සම්මානය Honkai: Star Rail විසින් දිනාගනු ලැබුවා.

Hi-Fi Rush ක්‍රීඩාව හොඳම සංගීතයට හිමි සම්මානය දිනා ගත් අතර, හොඳම අධ්‍යක්ෂණය, හොඳම පසුබිම් කථනය සහ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මාන තුනම දිනාගනු ලැබුවේ Alan Wake 2 ක්‍රිඩාව විසින්.

ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහළින්
• Game of the Year – Baldur’s Gate 3 (Larian Studios)
• Best Game Direction – Alan Wake 2 (Remedy Entertainment/Epic Games Publishing)
• Best Adaptation – The Last of Us (PlayStation Productions/HBO)
• Best Narrative – Alan Wake 2 (Remedy Entertainment/Epic Games Publishing)
• Best Art Direction – Alan Wake 2 (Remedy Entertainment/Epic Games Publishing)
• Best Score and Music – Final Fantasy XVI, Composer Masayoshi Soken (Square Enix)
• Best Audio Design – Hi-Fi Rush (Tango Gameworks/Bethesda Softworks)
• Best Performance – Neil Newbon, Baldur’s Gate 3
• Innovation in Accessibility – Forza Motorsport (Turn 10 Studios/Xbox Game Studios)
• Games for Impact – Tchia (Awaceb/Kepler Interactive)
• Best Ongoing Game – Cyberpunk 2077 (CD Projekt Red)
• Best Community Support – Baldur’s Gate 3 (Larian Studios)
• Best Independent Game – Sea of Stars (Sabotage Studio)
• Best Debut Indie Game – Cocoon (Geometric Interactive/Annapurna Interactive)
• Best Mobile Game – Honkai: Star Rail (HoYoverse)
• Best VR/AR Game – Resident Evil Village VR Mode (Capcom)
• Best Action Game – Armored Core VI: Fires of Rubicon (FromSoftware/Bandai Namco)
• Best Action/Adventure Game – The Legend of Zelda: Tears of the Kingdom (Nintendo EPD/Nintendo)
• Best RPG – Baldur’s Gate 3 (Larian Studios)
• Best Fighting Game – Street Fighter 6 (Capcom)
• Best Family Game – Super Mario Bros. Wonder (Nintendo EPD/Nintendo)
• Best Sim/Strategy Game) – Pikmin 4 (Nintendo EPD/Nintendo)
• Best Sports/Racing – Forza Motorsport (Turn 10 Studios/Xbox Game Studios)
• Best Multiplayer Presented by Discord – Baldur’s Gate 3 (Larian Studios)
• Players’ Voice – Baldur’s Gate 3 (Larian Studios)
• Most Anticipated Game – Final Fantasy VII Rebirth (Square Enix)
• Content Creator of the Year – IronMouse
• Best Esports Game – Valorant (Riot Games)
• Best Esports Athlete – Lee “Faker” Sang-hyeok (League of Legends)
• Best Esports Team – JD Gaming (League of Legends)
• Best Esports Coach – Christine “potter” Chi (Evil Geniuses – Valorant)
• Best Esports Event – 2023 League of Legends World Championship