Elon Musk විසින් Twitter සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව එම සමාගමේ ආදායමෙන් අඩක් අහිමිවී ඇත.

ජූනි මාසයේදී අපේක්ෂා කළ පරිදි Twitter සමාගමේ විකුණුම් වැඩිවීමක් සිදුවී නොමැති බව  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට අමතරව වියදම් කපා හැරීමේ අරමුණෙන් 2022 වසරේදී Twitter කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ සේවයෙන් ඉවත් කෙරිණි.

මේ වනවිට Twitter පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 150ක් බවත් පසුගිය දා Meta ආයතනය නිකුත් කළ Threads හරහා Twitter තවත් පසුබෑමකට ලක්ව තිබෙන බවත්  සඳහන් වේ.