Twitter ලාංඡනයේ සිටින සුප්‍රසිද්ධ නිල් පක්ෂි සංකේතය නිල වශයෙන් වෙනස් කිරීමට Elon Musk තීරණය කර ඇත.

එම සංකේතය “X” ලෙස වෙනස් කිරීමට ඔහු සැලසුම් කර තිබේ.

ලොව පුරා ඉතා ඉක්මණින් මෙය වෙනස් කිරීමට පියවර ගන්නා බවද ඔහු Twitter සටහනක් තබමින් හෙතෙම පවසා ඇත.

Twitter කුරුල්ලාට අමතරව එම සන්නාමයටද සමු දෙන බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

මෙය බොහෝ කළකට පෙර සිදු කිරීමට තිබූ දෙයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් Elon Musk සඳහන් කර ඇත.