UK Film critics association සම්මාන උළෙලේ දි ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කරන්නට Christopher Nolan ගේ Oppenheimer චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒ හොඳම නළුවා (Cillian Murphy), හොඳම අධ්‍යක්ෂණය (Christopher Nolan) සහ හොඳම චිත්‍රපටය යන සම්මාන ලබා ගනිමින්.
මෙහි හොඳම නිළියට හිමි සම්මානය Killers of the Flower moon චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Lily Gladstone හිමි කරගන තිබෙන අතර, හොඳම තිර රචනයට හිමි සම්මානය හිමි කර ගත්තේ Past Lives චිත්‍රපටයයි. පසුගිය වසරේ වැඩිම ප්‍රෙක්ෂක අවධානයක් දිනාගත් BARBIE චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Ryan Gosling හට හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමිවූයේ ARE YOU THERE GOD? IT’S ME, MARGARET චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Rachel McAdams හටයි.
admin January 1, 2024
UK FILM CRITICS ASSOCIATION සම්මාන උළෙලේ දී Oppenheimer වැඩ පෙන්වයි
Recent Posts
-
December 19, 2024සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට
-
December 19, 2024අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
-
December 19, 2024රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ ඝාතකයා සොයා විමර්ශන