අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi අතර හමුවක් පසුගිය 30 වනදා පස්වරුවේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.
එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi සිය ප්‍රසාදය පළ කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම UNFPA හි සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi සදහන් කර ඇති අතර මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරිය විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තාවන්ගේ ආර්ථික කටයුතු, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා පෝෂණය වැඩිදියුණු කිරීමේ තීරණාත්මක කාර්යභාරය පිළිබදව අවධාරණය කර තිබෙනවා.
අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගිත්වය සතුටුදායක මට්ටමක පවතින අතරම, තීරණ ගැනීමේ භූමිකාවන්හි ඔවුන්ගේ මැදිහත්වීම වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, ශ්‍රී ලංකාවේ UNFPA නියෝජනය කරමින් හවුල්කාරිත්ව සහ උපදේශන විශ්ලේෂක අනුෂිකා අමරසිංහ, ජාතික වැඩසටහන් විශ්ලේෂක – ස්ත්‍රී පුරුෂ සමාජභාවය/GBV බිමලී අමරසේකර, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳ අධ්යක්ෂ දිලිනි ගුණසේකර යන මෙම අවස්ථාවට සහභාගි විය.