කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී බස් රථයක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරින් මගීන් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂකවරයා තහවුරු කර ඇත.

එමෙන්ම කොල්ලුපිටිය බස් අනතුර හේතුවෙන් කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලින් බම්බලපිටිය දෙසට ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන්ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස  පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අතර කුලියාපිටිය – කරන්තිප්පල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් සිසුන් 15ක් ඇතුළු 25 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ද  පොලිසිය සඳහන් කර තිබේ.