2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් කථානායකවරයා විසින් ඡන්දය විමසී කෙරිණි.

එහිදී පක්ෂව ඡන්ද 92ක්, විපක්ෂව ඡන්ද 41ක් සහ එක් අයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇත.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

එය ඊයේ (10) පැවැත්වීමට නිමිතව තිබුණ ද පාර්ලිමේන්තුවේ ගණපූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල් තැබීය.