ශත වර්ෂයකට ආසන්න කාලයක් පුරා ලොව ඉමහත් රසික ආකර්ෂණයක් හිමිකර ගත් Walt Disney සමාගමට අයත් Mickey Mouse චරිතය අද සිට (01) එම සමාගමට අහිමි වනවා.

ඇමරිකා එක්සත් ජනපද ප්‍රකාශන හිමිකම් නීතිය අනුව ප්‍රකාශන අයිතිය එහි නිර්මාණ කරුට හිමිවන්නේ වසර 95 තෙක් පමණක් වන බැවින්, Walt Disney සමාගම සතු වූ එම හිමිකම නිල වශයෙන් අවසන් වීමත් සමගයි 1928 වෝල්ට් ඩිස්නි විසින් නිර්මාණය කළ කාටූන් කෙටි චිත්‍රපටයක් වන “Steamboat Willie” හි අන්තර්ගත වූ Mickey Mouse චරිතයේ මුල් පිටපත මෙලෙස ජනතා අයිතියට (Public Domain) පත් වී ඇත්තේ.

2002 වසරේ දී මේ අයුරින් A.A. Milne ගේ Winnie the Pooh කාටූන් චරිතය ද මේ අකාරයෙන් ජනතා අයිතියට පත් වුණා.