ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් අතර ගෝලීය ගිවිසුමකට ලබන වසරේ මැයි මාසයේදී අත්සන් තැබීමට තීරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් 2022 වසරේදී ආරම්භ වූ සාකච්ඡා ලබන වසරේදී අවසන් කිරීමට ඒ අනුව අවධානය යොමුව ඇත.
2021 වසරේදී ඇති වූ කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා මිලියනයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීම මෙන්ම සියලු රටවල් එක්ව සාමුහිකව කටයුතු කිරීමේ අරමුණින් අදාළ ගිවිසුමකට එළැඹීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් තීරණය කර ඇති බව වාර්තා වේ.