තමා සහ තම සැමියා වන Will Smith 2016 සිට වෙන්ව සිටි බව Jada Pinkett Smith සිය නවතම සම්මුඛ සාකච්ඡාවකදී හෙළිකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔවුන් දෙදෙනා පවුල් ජීවිතය ගත කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක වූ බවත් නමුත් ඔවුන් මෙම පුවත මාධ්‍ය වෙත ලබා නොදී සිටි බවත් ඇය සඳහන් කර තිබේ.

ඔවුන් එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වුවද දික්කසාද වීමට සැලසුම් නොකරන බව ද ඇය සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

Smith කිසිදා දික්කසාද නොවන බවට තමාටම පොරොන්දු වූ බැවින් එම පොරොන්දුව කඩ කිරීමට තමාට නොහැකි වීම මෙයට හේතුව ලෙස ද Jada Pinkett Smith වැඩිදුරටත් පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.