X-Men: Days Of Future Past චිත්‍රපටයේ Sunspot චරිතය රඟ පෑ මෙක්සිකානු නළු Adan Canto පසුගිය දා (08) පිළිකා රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

නළුවකු මෙන්ම, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවවරයෙකු, ගායකයෙකු, ගී පද රචකයෙකු වූ Adan Canto මිය යන විට 42වන වියේ පසු වුණා. චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැසක රංගනයේ යෙදී ඇති ඔහු Designated Survivor ටෙලි කතා මාලාවේ රඟපෑ Aaron Shore (ප්‍රධාන චරිතය) රසිකයින් අතර ජනප්‍රිය වුණා.