එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව ශ්‍රී ලංකා රජය පැවරූ නඩුව ඉදිරියට ගෙනයෑමට සිංගප්පුරු අධිකරණය අවසර ලබාදී ඇත.

ඒ අනුව ලබන ජනවාරි 29 වැනිදා එම නඩුව සිංගප්පුරු අන්තර්ජාතික වාණිජ අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

ඊට පෙර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සවිස්තරාත්මක පැමිණිල්ලක් අධිකරණය හමුවේ ගොනුකළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඊට අදාළ කටයුතු මේ දිනවල සිදුවේ.

නඩුවට අදාළව නැව් සමාගම විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අවසරය ලබා දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නෞකාවේ ගින්නෙන් හා එය මුහුදුබත් වීමෙන් මෙරට සාගර පද්ධතියට වූ හානිය සඳහා වන්දි අයකර ගැනීමට මෙම නඩුව පවරා ඇත.