පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස විවාදය සඳහා ලබාදුන් දිනවලින් අනුර කුමාර දිසානායක ජුනි 6 දිනය භාරගත් බව ජාතික ජන බලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස පවසා ඇත.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය විවාදය කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සමඟ ස්ථානය වෙලාව විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි.

අනුර සජිත් විවාදය නොපැවැත්වෙන්නේ නම් ඉන් පසුව ආර්ථික කමිටුවේ විවාදය පිළිබඳව සලකා බලන බවත් මෙහිදී ප්‍රකාශ කර ඇත.