දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එදා සිටි විරුද්ධ මතයේම තවදුරටත් සිටින බවත් ආණ්ඩුව ගෙන යන හිතුවක්කාරී ක්‍රියා මාර්ග වලට විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් මාධ්‍ය විසින් ඇසූ ප්‍රශ්නය කිහිපයකට අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත.

මේ පිළිබද හඩක් නගන අවස්ථාවේ ආණ්ඩුව අපව විවේචනය කලත් අද වන විට ඒ සියලු දෑ සත්‍ය වී තිබෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු වදිදුරරත් මෙසේද සදහන් කර ඇත.

හැබැයි, දැන් මේක කරන්නම වෙලා තියනවා නම් අපි බලන්න ඕන මේ ආර්ථික අර්බුදයෙන් බැටකාපු ජනතාවට පීඩාවක් ඇති නොවන විදිහට මේක කරන්නේ කොහොමද කියලා. මේ නිසා, අපි අවධාරණය කරන්නේ ⁣මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ණය කපා හැරීමක් කිසි ලෙසකින්වත් සිදු නොකළ යුතුය යන්නයි. කාලය දීර්ඝ කිරීමක් වැනි විකල්ප අවස්ථාවන් තමයි මෙහිදී බැලිය යුත්තේ. ජනතාවට පීඩාවක් නොවන විදිහටත් මේ ප්‍රතිව්‍යුහගත කිරීම ඕන නම් කරන්න පුලුවන්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා?