දිවයින පුරා සිසුන් 100ට අඩු පාසල් 2000ක් වසා දැමීමේ අරමුණින් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු  ප්‍රකාශ කර ඇත.

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය හරහා මෙය ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කර තිබේ.

මම වැඩසටහනේ කොටසක් ලෙස පසුගිය වසර තුන තුළ සිසුන් 100ට අඩු පාසල් 300ක් පමණ දැනටමත් වසා දමා ඇති බව සඳහන් වේ.

නිසි වැඩපිළිවෙළක් නොමැතිව මෙවැනි පාසල් වසා දැමීමෙන් විපතට පත් දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වන බව ද සභාපති ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ජාතික පාසල්වලට අනුබද්ධව පොකුරු පාසල් පද්ධතියක්, ජාතික පාසල් පද්ධතියක් සහ පෝෂණ පාසල් පද්ධතියක් ඇති කිරීමට යෝජනාවක් ස්ථාපිත කර ඇති බව ඔහු සඳහන් කර තිබේ.