අද රාත්‍රි 7.45 අහුංගල්ල ප්‍රදේශයේ නිවසකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් හිසට සිදුවූ බරපතළ තුවාල සහිතව ඔහුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කීර්තිසේනා ආබෲ නැමති 56 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.