ජර්මානු චාන්සලර් ෆ්‍රැන්සිස්කා ගිෆීට බර්ලින් හි පිහිටි පුස්තකාලයකදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඇයට පිටුපසින් පැමිණි පුද්ගලයෙක් දෘඩ වස්තුවක් සහිත බෑගයකින් පහර දුන් බවයි පොලීසිය ප්‍රකාශයක් නිකුත් කරමින් ඇය පවසා ඇත්තේ.

බර්ලින් සෙනෙට් සභික සහ හිටපු නගරාධිපතිනියක් වන ඇය ඔලාෆ් ෂෝල්ස්ගේ පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකාවක්ය.

කෙසේ නමුත් ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇති ඇය වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා කෙටි කාලයකට රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කර ඇති සැකකරුවෙකු හඳුනාගෙන ඇති අතර ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බර්ලින් අභිචෝදක කාර්යයාලය පවසනවා.