නීතිවිරෝධීව ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බව පොලීසිය පවසයි.

කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සෝදිසි කිරීම් වලදි අනාවරණය වූයේ අදාළ සැකකරු 29 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.