පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු සඳරුවන් කුමාරසිංහ නැමති තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැදවා ඇත.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වූ අදාළ තරුණයා අද උදෑසන 10ට පමණ ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බව සදහන් .

කෙසේවෙතත් ඔහු පොලීසියට පැමිණි අවස්ථාවේ තවත් නීතිඥවරු පිරිසක් ද එම ස්ථානයට පැමිණ  ඇත.

එම ගුවන් තොටුපොළේ ඇති වූ කලහාකාරී තත්ත්වය සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් ද කටුනායක පොලීසිය ඊයේ (05) සවස ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ද වාර්තා වේ.