ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී මාධ්‍ය ජාලය හමාස් සංවිධානයට සහය දෙන බව පවසමින් එම ජාලයේ මෙහෙයුම් වසා දැමීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබෙනවා.

ගාසා තීරයේ යුද්ධය පවතින අතරතුර මෙසේ අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් වසා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

මේ අනුව පොලීසිය ජෙරුසලමේ පිහිටි අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කාර්යාලය වටලා විකාශන කටයුතු නවතා දමා ඇති අතර ඊශ්‍රායල රජයේ මෙම පියවරට විරුද්ධව සෑම නීතිමය පියවරක්ම අනුගමනය කිරීමට කටයුතු කරන බව අල් ජසීරා ආයතනය වැඩිදුරටත් පවසා තිබෙනවා.