ඊශ්‍රායලය  විසින් ගෙන ආ සටන් විරාම යෝජනාව ප්‍රතික්ෂේප කළ බව හමාස් සංවිධානය නිවේදනය කළේය.

ඊජිප්තුවේ කයිරෝ නගරයේ පැවැත්වෙන සාකච්ඡා අතරතුරදී ඊශ්‍රායලය විසින් එම සටන් විරාම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ගාසා තීරයේ රෆා ප්‍රදේශය ආක්‍රමණය සඳහා ඊශ්‍රායල සැලසුම් සහ දිනය සම්බන්ධයෙන් තීරණයක් ගත් බවය.

ඊශ්‍රායලය සහ හාමාස් සංවිධානය විසින් ඊජිප්තුවේ පැවැත්වෙන සාකච්ඡා සඳහා ඉරිදා කණ්ඩායම් යවා තිබුණි.

එම සාකච්ඡා සඳහා අතරමැදියන් ලෙස කටාර් සහ ඊජිප්තුව කටයුතු කරයි.

 

එසේම අමෙරිකාවේ මධ්‍යම තොරතුරු කාර්යාංශයේ විලියම් බර්න්ස් ද ඊට එක්වෙයි.