ඊශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාර නොදක්වන බවත්  පසුගියදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළේ  ඉරානයේ යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් පමණක් බවත් ඉරානය පවසයි

මෙම ගැටුමට ලොව රටවල් රැසකම නායකයින් රටවල් දෙකෙන්ම ඉල්ලා තිබුණේ මෙම අවස්ථාවේ ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසටයි.

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට

කෙසේ නමුත් ඊයේ දිනයේදි  ඊශ්‍රායලය විසින් ඉරානයේ මධ්‍යම පළාතේ ඉස්ෆහාන් ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා විය.

මේ පිළිබදව ඉරානය සඳහන් කළේ ඊශ්‍රාලයට අයත් ඩ්‍රෝන යානා 3 ක් සිය හමුදාව විසින් බිම හෙළා ඇති අතර, වෙනත් කිසිදු ප්‍රහාරයක් සිය රටට එල්ල නොවූ බවයි.