ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ලබන සතියේ මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තාවේ.

ඩයරබා සහ පුහුල්පොළ යන වේළි දෙකක් සහ කිලෝමීටර් 25 ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි විසින් විවෘත කිරීමට නියමිත ය.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

උමා ඔය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉරාන සමාගම්වල ඉංජීනේරු ව්‍යාපෘතියක්වන අතර මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු වන්නේ මෙරට කෘෂිකාර්මික ඉඩම් අක්කර 5000ක වාරි මාර්ග වැඩිදියුණු කිරීම, ජලය ඝන මීටර් මිලියන 145 ක් මාරු කිරීම සහ වසරක් තුළ 290GW /h විදුලිය ජනනය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය 2011 වසරේදී ආරම්භ කළ අතර මෙය ඉරාන කොන්ත්‍රාත්කරුවන් විසින් විදේශ රාජ්‍යක සිදුකරන ලද විශාලතම ව්‍යාපෘතිය බවද සඳහන්වේ.