ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි.

මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර එ​ම ප්‍රහාර එල්ලකර ඇති අත​ර, Isfahan කලාපයේ ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහිත ප්‍රදේශයකි.

ඩ්‍රෝන තුනක් ඔවුන් විසින් විනාශ කළ බවත්, එරට අභ්‍යන්තර ගමන් ද තාවකාලිකව අත්හිටුවා තිබෙන බව​ත් ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

මීට සති කිහිපයකට පෙර ලෙබනනයේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් හමුදා ප්‍රධානීන් ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් පසුගිය සෙනසුරාදා ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 300ක් පමණ එල්ල කළ අතර අද (19) ප්‍රහාරය එල්ලකර ඇත්තේ ඊට ප්‍රතිචාර වශයෙනි.