ඊශ්‍රායල නීති සම්පාදකයින් විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට ආරක්ෂක අවධානමක් යැයි සලකන විදේශීය ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා තාවකාලිකව වසා දැමීමට බළය ලබාදෙන නීතියක් ඊයේ සම්මත කර තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඒ අනුව සම්මතවූ නීතියට අනුකූලව අල්ජසීරාහි ක්‍රියාකාරකම් වහාම නැවැත්වීමට නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව ඊශ්‍රායලය තුළ අල්ජසීරා ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය තාවකාලිකව තහනම් කර ඇති බවයි වාර්තාවන්නේ.