ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වී මේ වන විට මාස 6ක් ගත වන අතර ගාසා තීරයේ යුද්ධය ජය ගැනීමට ඇත්තේ තවත් එක් පියවරක් පමණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජියන් නෙතන්යාහු පවසනවා.

හමාස් සටන්කාමීන් සමග සටන් විරාමයකට එළඹීමට පෙර සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය නවතා සටන් විරාමයකට ප්‍රවිශ්ඨ වන ලෙස ඊශ්‍රායලයට මේ වන විට දැඩි පීඩනයක් එල්ල වී ඇතත් ඊශ්‍රායල අගමැති ඒ පිළිබදව තැකීමක් නොකරන බවයි .

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති කියා සිටියේ ජයග්‍රාහණය අභියස සිටින මොහොතක සිය රට වැසියන් පාවා දීමට තමන් සූදානම් නොමැති බවයි.