අද පස්වරු 4ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත .

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.