මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් මුළුමණින්ම දේශපාලනය බැහැර කිරීමේ අරමුණින් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයකුට වත් අඩු තරමින් ප්‍රාදේශීය ක්‍රීඩා සංගමයකවත් කිසිදු තනතුරක් දැරිය නොහැකි වන පරිදි නව ක්‍රීඩා රෙගුලාසි පැනවූ අති විශේෂ ගැසට් නිවේදනයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඒ අනුව දේශපාලකයන්ට පමණක් නොව ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන්ට හෝ මින් ඉදිරියට තම අභිමතයට කටයුතු කිරීමට නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා

එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2024 අංක 01 දරණ සුවිශේෂි රෙගුලාසි මාලාවකට ද පසුගිය 3 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදි අත්සන් තබා තිබෙනවා.