ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවක් සිදුකිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එළැඹෙන සඳුදා (11) අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත ජනාධිපති කාර්යාලයේදී රැස්වීමක් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.