කොළඹ අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්​චාවේදි  ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවැනි සාමාලෝචනය අවසන් කිරීමට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු 3 වන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක පමණ ණය මුදලක් මෙරටට හිමි වීමට නියමිතයි.